ලොහාන් රත්වත්තේ සහ බිරිඳ දෙසැම්බර් 06 දක්වා යළි රිමාන්ඩ්

December 02, 2024 - 2:45 PM
නීති විරෝධීව එකලස් කරන ලද මෝටර් රථයක් භාවිතා කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ලොහාන් රත්වත්තේ සහ ඔහුගේ බිරිඳ ලබන දෙසැම්බර් 06 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබෙනවා.

ඒ ඔවුන් දෙපළ අද (02) නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

හිටපු අමාත්‍යවරයාගේ බිරිඳට අයත් මිරිහාන, ඇඹුල්දෙණිය ප්‍රදේශයේ පිහිටි තෙමහල් නිවසක තිබී මිරිහාන පොලීසිය විසින් ලෙක්සස් වර්ගයේ ලියාපදිංචි නොකළ මෝටර් රථයක් පසුගියදා සොයාගැනීමත් සමඟ එම චෝදනාව හේතුවෙන් ඔවුන් දෙදෙනා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

(lknews.lk)