ලොහාන් රත්වත්තේ ලබන 07 වනදා දක්වා රිමාන්ඩ්

October 31, 2024 - 9:54 PM
හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේව නොවැම්බර් මස 07 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

ඒ ගංගොඩවිල අතිරේක මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදීයි.

නුගේගොඩ මිරිහානේ සිය බිරිඳගේ නිවසේ තිබූ අංක තහඩු නොමැති මෝටර් රථයක් සොයාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඔහුව අද (31) මහනුවර කටුගස්තොටදී අත්අඩංගුවට ගනු ලැබුවා.


(lknews.lk)