කොළඹ - බදුල්ල මාර්ගයේ දුර ගමන් බස් ධාවනය සීමා කෙරේ

December 11, 2023 - 11:48 AM
කොළඹ - බදුල්ල මාර්ගයේ හාලිඇල, උඩුවර ප්‍රදේශයෙන් අද (11) සිට සියලු දුර ගමන් බස් ධාවනය සීමා කර තිබෙනවා.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ, හාලිඇල, උඩුවර මාර්ගයේ සිදුවූ නායයෑම හේතුවෙන් ඊයේ පස්වරුවේ සිට එම මාර්ගයේ බර වාහන ධාවනය ද සීමා කර ඇති බවයි.

ඊට විකල්ප මාර්ග ලෙස ඇටම්පිටිය - මාලිගාතැන්න හරහා බණ්ඩාරවෙල මාර්ගය භාවිතා කළ හැකියි.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ, කෙසේ වෙතත් බණ්ඩාරවෙල සිට සැහැල්ලු වාහන සඳහා පමණක් එම මාර්ගය විවෘතව පවතින බවයි.
(lknews.lk)