රට පුරා ව්‍යාජ වෛද්‍යවරුන් විශාල ප්‍රමාණයක්

February 23, 2024 - 2:26 PM
රට පුරා ව්‍යාජ වෛද්‍යවරුන් 50,000ක් පමණ සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

එය නියාමනය කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය කිසිදු පියවරක් ගෙන නොමැති බවයි කොළඹදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් එම සංගමය සඳහන් කළේ.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නියෝජ්‍ය ලේකම් වෛද්‍ය ප්‍රසාද් හේරත් මහතා පැවසුවේ සෑම නගරයකම ප්‍රධාන ගම් ආශ්‍රිතව, ආසන්න වශයෙන් ව්‍යාජ වෛද්‍යවරුන් තුන් හතරදෙනෙකු පමණ සිටින බවයි.
(lknews.lk)