කැළණි ගඟේ ජල මට්ටමේ අඩුවක්

February 21, 2024 - 2:56 PM
වියළි කාලගුණයත් සමග කැළණි ගඟේ ජල මට්ටම අඩුවෙමින් පවතින බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා.

ඒ අනුව ගඟ දිගේ ලවණ ජලය රට අභ්‍යන්තරයට ගලා ඒම ආරම්භ වී ඇති බව එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී අනෝජා කළුආරච්චි මහත්මිය සඳහන් කළා.

ඉන් ජල සැපයුමට වන බාධා මග හැරවීම සඳහා කැලණි ගඟ හරහා තාවකාලික ලවණ බාධකයේ ඉදිකිරීම් ආරම්භ කළ බව ඇය පැවසුවා.

එමෙන්ම වියළි හා උෂ්ණාධික කාලගුණයත් සමග ජල පරිභෝජනය ද ඉහළ ගොස් ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය ප්‍රකාශ කළා.
(lknews.lk)