සුඛෝපභෝගී බස්රථවලට ගුවන්තොටුපොළට පැමිණීමට අවසර දෙයි

January 10, 2025 - 12:47 PM
මාර්ග අංක 187 යටතේ ධාවනය වන කොටුව-කටුනායක සුඛෝපභෝගී බස් රථවලට අද (10) සිට ගුවන්තොටුපොළ පිටවීමේ පර්යන්තය වෙත පැමිණීමට ගුවන්තොටුපළ හා ගුවන් සේවා සමාගම අවසර ලබාදී තිබෙනවා.

ගුවන් මගීන්ගේ පහසුව සලකා බලා මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම 2019 පාස්කු ප්‍රහාරය එල්ලවීමෙන් නතර කර තිබූ එම සේවාව කොටුව-කටුනායක බස්රථවලට අද නැවත හිමිවන්නේ වසර 6කට ආසන්න කාලයකට පසුවයි.

(lknews)