පාර්ලිමේන්තු මැති - ඇමති ආරක්ෂාව ගැන තක්සේරු ලබාගැනීම් ආරම්භ කරයි

December 08, 2024 - 11:19 AM
පාර්ලිමේන්තු මැති - ඇමතිවරුන්ට දිය යුතු ආරක්ෂාව සම්බන්ධයෙන් තක්සේරුවක් ලබාගැනීම ආරම්භ කර තිබෙන බව පොලීසිය පවසනවා.

වැඩබලන පොලිස්පති නීතීඥ ප්‍රියන්ත වීරසූරිය සඳහන් කළේ ඇතැම් මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටලු මතුවී ඇති බවයි.

එමෙන්ම ඇතැම් මැති - ඇමතිවරුන්ට තර්ජන එල්ලවීම සම්බන්ධයෙන්ද තොරතුරු වාර්තා වී තිබෙනවා.

වැඩබලන පොලිස්පතිවරයා සඳහන් කළේ ඒ අනුව සියලු කරුණු විමසා බලා ලබාදිය යුතු ආරක්ෂාව සම්බන්ධයෙන් තීරණය කරන බවයි.

(lknews.lk)