මහනුවර - හැටන් මාර්ගයේ බස් රථයක් ඇළකට වැටී අනතුරට

December 08, 2023 - 10:19 AM
මහනුවර සිට හැටන් දක්වා ලක්ෂපාන මාර්ගය ඔස්සේ ධාවනය කළ හැටන් ලංගම ඩිපෝවට අයත් බස් රථයක් අද (08) මාර්ගය හරහා ගලා බසින ඇළ මාර්ගයකට වැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

ධාවනය වෙමින් තිබූ බස් රථය ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ඉදිරියට ධාවනය වූ තවත් බස් රථයකට ඉඩ ලබාදීමට යාමේදී ප්‍රධාන මාර්ගය අසලින් ගලා බසින ඇළ මාර්ගයකට වැටී ඇති බවයි වාර්තා වන්නේ.

අප වාර්තාකරු සඳහන් කළේ අනතුරෙන් බස් රථයේ ගමන් ගත් කිසිවෙකුට අනතුරක් සිදු වී නොමැති බවයි.

අදාළ අනතුර හේතුවෙන් මාර්ගයේ වාහන ගමනා ගමනයට පැය කිහිපයකට බාධා එල්ල වූ බව ද සඳහන්.
(lknews.lk)