මහේල ජයවර්ධන යළි ශ්‍රී ලංකාවට

October 19, 2023 - 11:33 AM
ලෝක කුසලාන තරගාවලිය අතරතුරදී ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණු උපදේශක මහේල ජයවර්ධන යළි ශ්‍රී ලංකාව වෙත පැමිණ තිබෙනවා.

සිය පෞද්ගලික කරුණක් හේතුවෙන් මහේල ජයවර්ධන මෙලෙස නැවත ශ්‍රී ලංකාව වෙත පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් වැඩිදුරටත් ආරංචි මාර්ග සඳහන් කරන්නේ මහේල යළි ලෝක කුසලාන තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම සමග එක්වීමට නියමිත බවයි.

එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරන්නේ මහේල එළඹෙන ශ්‍රී ලංකා කණ්ඩායම එංගලන්තයට එරෙහිව පැවැත්වෙන තරගයේදී යළි කණ්ඩායම සමග එක්වීමට නියමිත බව සඳහන්.
(lknews.lk)