මහීෂ් තීක්ෂණට ආබාධයක්?

October 22, 2023 - 11:30 AM
ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක මහේෂ් තීක්ෂණ මස්පිඬු ආබාධයක් හේතුවෙන් ස්කෑන් පරීක්ෂණයකට ලක් කිරීමට නියමිතව බවට වාර්තා වනවා.

ඔහු නෙදර්ලන්තයට එරෙහිව ඊයේ (21) තරගයේදී පන්දු යවන අතරතුර අපහසුතාවයක් පෙන්නුම් කළා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරියෙක් පැවසූවේ, ස්කෑන් පරීක්ෂණයෙන් තත්ත්වය තීරණය වන බවයි.

තීක්ෂණ පසුගියදා ශ්‍රී ලංකාවේ දෙවන ලෝක කුසලාන තරඟයේදී නැවතත් ක්‍රියාත්මක වූයේ ඔහු ආසියානු කුසලානය අතරතුරදී ඇති වූ ආබාධයකින් සුවය ලැබීමෙන් පසුවයි.
(lknews.lk)