මහීෂ් සහ මතීෂ චෙන්නායි කණ්ඩායමේ රඳවා ගනී

November 27, 2023 - 10:55 AM
ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ හා දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණගේ නම්ද ඇතුළත් කර ගැනීමට මෙවර IPL කිරුළ හිමිකරගත් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම තීරණය කර තිබෙනවා.

මෙම ක්‍රීඩකයන් දෙදෙනාම නිමාවට පත්වූ IPL තරගාවලියේදී පන්දුවෙන් දක්ෂතා දැක්වීමට සමත්වුණා.

විශේෂයෙන්ම මතීෂ පතිරණ පිළිබඳව ඉන්දීය සුපිරි ක්‍රීඩක මෙන්ම චෙන්නායි නායක මහේන්ද්‍ර සිං දෝනිගේ විශේෂ අවධානයට ද යොමුව තිබෙනවා.
(lknews.lk)