ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ නව නායකයා මහින්ද

December 15, 2023 - 6:30 PM
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (SLPP) පක්ෂ නායකයා ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නැවත ඒකමතිකව පත් කර තිබෙනවා. 

අද (15) කොළඹදී පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික මහා සම්මේලනයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතාගේ නම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේ මහතා විසින් යෝජනා කළා. 
 
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු විසින් මෙම යෝජනාව ස්ථිර කළා.
(lknews.lk)