මහින්ද සමරසිංහගේ තානාපති ධූරය ඉදිරියටත්

January 03, 2025 - 1:28 PM
ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ තවදුරටත් එම තනතුරේ කටයුතු කරන බව විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළා.

ඒ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පැවැත්වෙන සාකච්ඡා හේතුවෙන්.

විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ විදෙස් දූත සේවය සක්‍රීය කිරීමේ අරමුණින් ඇතැම් තානාපතිවරුන් ලංකාවට ගෙන්වා ගැනීමට කටයුතු කළ බවයි.

කෙසේ නමුත් මහින්ද සමරසිංහ එලෙස ලංකාවට ගෙන්වා ගැනීමට නොහැකි තත්ත්වයක් උදා වී තිබෙනවා.

(lknews)