මහින්දානන්දට සහ නලින්ට බරපතල වැඩ සහිත සිරදඬුවම්

May 29, 2025 - 11:50 AM
2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ ස.තො.ස ආයතනය හරහා කැරම් බෝඩ් 14,000ක් සහ දාම් ලෑලි 11,000ක් මිලදීගෙන ක්‍රීඩා සංගම්වලට බෙදාදීම තුළින් රජයට රුපියල් මිලියන 53ක පාඩුවක් සිදුකළ බවට චෝදනා ලබා සිටි හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සහ ස.තො.ස ආයතනයේ හිටපු සභාපති සහ හිටපු වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු යන අය එම චෝදනාවලට වරදකරු බව තීන්දු කර තිබෙනවා.

ඒ කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින්.

ඒ අනුව හිටපු වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දුට බරපතළ වැඩසහිත වසර 25ක සිර දඬුවම් සහ හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේට බරපතළ වැඩසහිත වසර 10ක සිරදඬුවම් නියම කර තිබෙනවා.
 
(lknews)