බිත්තර ගැන මහින්ද කියන කතාව

March 02, 2024 - 9:49 AM
මෙරට බිත්තරයක් නිෂ්පාදනය සඳහා වැය වන මුදල රුපියල් 30ක් වුව ද මේ වන විට වෙළෙඳපොළෙහි දේශීය බිත්තරයක මිල රුපියල් 60 දක්වා ඉහළ ගොස් ඇති බව මහින්ද අමරවීර අමාත්‍යවරයා පවසනවා.

ජනතාව ලක්ව ඇති දැඩි පීඩනයෙන් ඔවුන්ව මුදා ගැනීම සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි උපරිම සිල්ලර මිලක් බිත්තර සඳහා පැනවීමට පියවර ගන්නා බව අමාත්‍යවරයා කියා සිටියා.

එමෙන්ම මෙම උපරිම සිල්ලර මිල ලබන සතියේ දී පාරිභෝගික ආරක්ෂණ අධිකාරියට ඉදිරිපත් කිරීමට නියමිත බව ද මහින්ද අමරවීර අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.
(lknews.lk)