අමෙරිකාවේ Maine වෙඩි තැබීමේ ප්‍රධාන සැකකරු මියයයි

October 28, 2023 - 12:41 PM
අමෙරිකාවේ Maine ප්‍රාන්තයේ වෙඩි තැබීමකින් පුද්ගලයින් 22 දෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ සැකකරු වෙඩි තැබීමකින් මිය ගොස් තිබෙනවා.

ඒ අනුව ඔහුගේ සිරුර සොයාගෙන ඇත්තේ, ලුවිස්ටන්හි වෙඩි තැබීම සිදු වූ ස්ථානයේ සිට සැතපුම් 8 ක් පමණ දුරින් පිහිටි නගරයක් වන ලිස්බන්හි වනාන්තර ප්‍රදේශයක තිබීයදීයි.

ඒ අනුව Androscoggin County Sheriff සිකුරාදා රාත්‍රියේ Facebook සටහනක් තබමින් තහවුරු කළේ Robert Card මිය ගොස් ඇති බවයි.
(lknews.lk)