මෛත්‍රී CID යෙන් පිටව යයි

March 25, 2024 - 4:47 PM
ප්‍රකාශයක් ලබා දීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මීට සුළු මොහොතකට පෙර ඉන් පිටව ගොස් තිබෙනවා.

පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයන් තමා දන්නා බවට සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන්, ප්‍රකාශයක් ලබා දීම සඳහා පැමිණෙන ලෙස CID ය කළ දැනුම් දීමකට අනුව ඔහු අද (25) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබුණා.
(lknews.lk)