මෛත්‍රී අද CID යට

March 25, 2024 - 9:17 AM
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (25) පෙරවරු 10.30ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටීමට නියමිතව තිබෙනවා.                                         

ඒ, පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයන් තමා දන්නා බවට සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කිරීමටයි.

මේ සඳහා කඩිනම් පරීක්ෂණයක් පවත්වන ලෙස මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා විසින් පොලිස්පතිවරයාට උපදෙස් ලබා දී තිබුණා.
(lknews.lk)