මෛත්‍රීගේ වාරණයට අද දුන් නියෝගය

July 30, 2024 - 12:48 PM
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු සභාපති මෛත්‍රීපාල සිරිසේන ඇතුළු පක්ෂ නියෝජිතයින්ට නිකුත් කර තිබූ වාරණ නියෝග 9ක් යළි දීර්ඝ කිරීමට කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සඳුන්විතාන මහතා අද (30) නියෝග කළා.

ඒ අනුව එම වාරණ නියෝග එළඹෙන ඔක්තෝබර් 09 වනදා දක්වා දීර්ඝ කර තිබෙනවා.

මහින්ද අමරවීර, ලසන්ත අලගියවන්න සහ දුමින්ද දිසානායක යන පුද්ගලයන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනතුරුවලින් ඉවත් කිරීම සහ එම තනතුරුවල වෙනත් පුද්ගලයින් කටයුතු කිරීම වළකාලමින්  මෙම වාරණ නිකුත් කර ඇති බව සඳහන්.  

(lknews)