මන්දපෝෂණය යළිත්

February 28, 2024 - 11:56 AM
පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ දත්ත වාර්තාවලට අනුව පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ දරුවන් අතර මන්ද පෝෂණය ඇතුළු පෝෂණ ඌනතාවයන්ගේ වැඩිවීමක් දක්නට ලැබෙන බව විශේෂඥ වෛද්‍ය ජී.ජී.චමල් සංජීව පවසනවා.

ඒ දරුවන් අතර බර අඩු වීම හෙවත් කෘශභාවය දක්නට ලැබෙන දරුවන් වැඩි පිරිසක් හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් වාර්තා වන බවද ඔහු පැවසුවා.

එමෙන්ම 2023 වර්ෂය අවසන් වන විට දරුවන්ගේ උස, බර අඩුවීම් ඇතුළු පෝෂණ අර්බුද රට පුරා දක්නට ලැබෙන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
(lknews.lk)