කන්දකාඩු පුනරුත්ථාපන මධස්ථානයේ කළමනාකාරීත්වය වෙනස් වෙයි?

January 14, 2024 - 3:17 PM
කන්දකාඩු පුනරුත්ථාපන මධස්ථානයේ කළමනාකාරීත්වය වෙනස්කිරීමට ඉදිරියේදී සලකා බලන බව අධිකරණ හා බන්ධනාගාර අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පවසනවා.

අමාත්‍යවරයා සඳහන් කළේ, පසුගිය දින කිහිපය තුළදී කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන් අතර පැවති ගැටුම් මුල් කරගනිමින් එය සිදු කිරීමට සැලසුම් කර ඇති බවයි.

ඒ අනුව පසුගිය 12 වැනිදා සිදු වූ සිදුවීමේ සවිස්තර වාර්තාව ලැබුණු පසු ඒ පිළිබඳව සාකච්ඡා කරන බව ඔහු කියා සිටියා.

කන්දකාඩු පුනරුත්ථාපන මධස්ථානයේ ඇතිවූ මෙම ගැටුමෙන් රැඳවියන් 24 දෙනෙකු තුවාල ලැබුවා.
(lknews.lk)