PHOTOS | මන්නා රමේෂ් බස්නාහිර අපරාධ කොට්ඨාසයට රැගෙන යයි

May 07, 2024 - 11:33 AM
අද (07) උදෑසන ඩුබායි සිට දිවයිනට රැගෙන ආ පාතාල නායක රමේෂ් ප්‍රියජනක නොහොත් 'මන්නා රමේෂ්' බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසයට රැගෙන ගොස් තිබෙනවා.

මීට මාස දෙකකට පෙර බිරිඳ සහ දරු දෙදෙනා සමඟ මෝටර් රථයකින් ගමන් කරමින් සිටින අතරතුර ඩුබායි පොලීසිය විසින් ඔහුව අත්අඩංගුවට ගෙන තිබුණා.

මනුෂ්‍ය ඝාතන, මත්ද්‍රව්‍ය ජාවාරම් සහ කප්පම් ගැනීම ඇතුළු අපරාධ රැසකට ඔහුට චෝදනා එල්ල වී තිබෙනවා.

(lknews)