මත්පෙති සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගනී

January 06, 2024 - 12:57 PM
මන්නාරම පොලිස් වසමේ තාල්පාඩු ප්‍රදේශයේ දී සිදු කළ විශේෂ වැටලීමක දී මත්පෙති සමග සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් සතුව තිබී මත්පෙති 1,700කට අධික ප්‍රමාණයක් සොයාගෙන ඇති බවයි වාර්තා වන්නේ.  

අත්අඩංගුවට ගත් සැකකරුවන් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මන්නාරම පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා.
(lknews.lk)