පාස්කු ප්‍රහාරය සම්බන්ධ තොරතුරු රැසක් හෙළි වෙයි

April 20, 2024 - 3:45 PM
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මේ වන විටත් හෙළි නොවූ කරුණු 8ක් තමා විසින් CID යට ඉදිරිපත් කළ බව කොළඹ අගරදගුරු පදවියේ මාධ්‍ය ප්‍රකාශක ගරු සිරිල් ගාමිණී පියතුමන් පවසනවා.

මේ පිළිබඳ සඳහන් කළේ ඊයේ (19) CIDය හමුවේ ලබා දුන් ප්‍රකාශයක් පිළිබඳව දැනුවත් කිරීම සඳහා අද (20) කොළඹදී පැවැත් වූ සාකච්ඡාවකට එක්වෙමින්.

මේ දක්වා හෙළි නොවූ කරුණු 8ක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ උන්වහන්සේ ඉදිරිපත් කර තිබෙනවා.


(lknews.lk)