අධ්‍යාපන ප්‍රතිසංස්කරණ රැසක් ඉදිරියේදී

June 15, 2024 - 12:04 PM
ඉදිරියේදී අධ්‍යාපන ප්‍රතිසංස්කරණ රැසක් හඳුන්වාදෙන බව රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර තෙන්නකෝන් පවසනවා.

ඒ අනුව දරු දැරියන් නවීන තාක්ෂණයෙන් සන්නද්ධ කළ යුතු බව අමාත්‍යවරයා කියා සිටියා.

විදේශ රැකියා ප්‍රවර්ධන අමාත්‍යාංශය ක්‍රියාත්මක කරන ජයගමු ශ්‍රී ලංකා වැඩසටහන යටතේ බිංගිරිය අධ්‍යාපන කලාපයට අයත් වැල්ලරාව මධ්‍ය මහා විද්‍යාලයට සහ උඩුබද්ධාව ජේ.ආර් ජයවර්ධන මධ්‍ය මහා විද්‍යාලයට සුහුරු පංති කාමර ලබාදීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළා. 

(lknews)