සෞඛ්‍ය වෘත්තිය සමිති රැසක් හෙට වර්ජනයක

January 15, 2024 - 3:45 PM
බේකරි, විසිතුරු මත්ස්‍ය කර්මාන්තය, නිමි ඇඳුම් කර්මාන්තය ආදී ක්ෂුද්‍ර හා කුඩා කර්මාන්ත දෙලක්ෂයක් පමණ විනාශ වී ඇති බව ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන සංගමයේ සභාපති සුසන්ත ලියනාරච්චි මහතා පවසනවා.

ඒ 400%කින් වැඩි වූ විදුලි බිල නිසා බොහෝ විදෙස් කර්මාන්තශාලා මෙරට අතහැර ඩුබායි වැනි අඩු මුදලට විදුලිය දෙන රටවල්වලට යාම හේතුවෙන්.

ඔහු සඳහන් කළේ, විදුලි බිල් ගෙවා ගැනීමට නොහැකිව සබඳතා විසන්ධි කර ඇත්තේ, දුප්පත් ජනතාවගේ වූවත් මැති ඇමැතිවරුන් නොගෙවන විදුලි බිල්වලට එවැනි ගැටලු නැති බවයි.

මෙවර උසස් පෙළ විභාගය ලියන දරුවන් විදුලි සබඳතා කප්පාදුව නිසා දැඩි දුෂ්කරතාවට මුහුණ දී ඇති බව ඔහු වැඩිදුරටත් කියා සිටියා.
(colombotimes.lk)