සංචාරකයන්ට ගැටලු රැසක්

December 31, 2024 - 10:17 AM
දිවයිනට පැමිණෙන සංචාරකයන්ට පොදු පහසුකම් ප්‍රමාණවත් නොවීම හේතුවෙන් ඔවුන්  දැඩි අසීරුතාවයකට පත්වී තිබෙනවා.

එහිදී ඇල්ල ප්‍රදේශයේ අඩුපාඩු සහ ගැටලු රැසක් මතු වී ඇති බවයි වාර්තා වන්නේ.

සංචාරකයින්ගේ වාහන නැවැත්වීම සඳහා ප්‍රමාණවත් රථගාල් නොමැති වීම හේතුවෙන් මාර්ගවල දැඩි තදබදයක් ඇති වී තිබෙනවා.

කර්මාන්තකරුවන් කියා සිටියේ පොලීසිය විසින් අවන්හල් ඉදිරිපිට වාහන නැවැත්වීම තහනම් කිරීම මෙයට ප්‍රධාන හේතුව වී ඇති බවයි.

එමෙන්ම රාත්‍රී කාලයේදි ප්‍රමාණවත් ආලෝක පද්ධතියක් නොමැති වීමෙන්ද සංචාරකයන් පීඩාවට පත් වී ඇති බවයි වාර්තා වන්නේ.

(lknews)