අධික වර්ෂාපතනයත් සමඟ ජලාශ රැසක් වාන් දමයි

November 28, 2024 - 11:43 AM
අධික වර්ෂාපතනයත් සමඟ මහවැලි ජලාශ රැසක් මේ වන විට වාන් දමන බව මහවැලි අධිකාරිය නිවේදනය කළා.

එම අධිකාරිය සඳහන් කළේ බෝවතැන්න, දඹුළුඔය, කලාවැව, රංටැඹේ, ලොග්ගල්ඔය, කොත්මලේ හා වික්ටෝරියා ජලාශද මේ වන විට වාන් දමන බවයි.

ඉදිරි පැය කිහිපය තුළ අධික වැසි ඇති වුවහොත් රන්දෙණිගල ජලාශයද වාන් දමන බව මහවැලි අධිකාරිය සඳහන් කළා.

මහවැලි ගඟ අවට පහත්බිම්වල වෙසෙන ජනතාවගෙන් එම අධිකාරිය ඉල්ලා සිටින්නේ මේ පිළිබඳව විමසිල්ලෙන් පසුවන බවයි.

(lknews.lk)