මහනුවර දරුවන්ටත් ශිෂ්‍යත්ව රැසක්

July 20, 2024 - 1:44 PM
දිවයිනේ සෑම ප්‍රදේශයකම ආර්ථික අපහසුතා ඇති දරු දැරුයන්ගේ අධ්‍යාපනය තවදුරටත් සුරක්ෂිත කරමින් ක්‍රියාත්මක වන ජනාධිපති අධ්‍යාපන ශිෂ්‍යත්ව 2024 වැඩසටනේ මධ්‍යම පළාතට අයත් මහනුවර දිස්ත්‍රික්කයේ ශිෂ්‍යත්ව ප්‍රදානෝත්සවය පසුගියදා පැවැත්වුණා.

එහි අධ්‍යාපන කලාප 06කට අයත් සිසු දරු දැරියන් 6832ක් වෙනුවෙන් මෙම ශිෂ්‍යත්ව පිරිනැමීම සිදු වී තිබෙනවා.

උසස් පෙළ සිසුන් 360ක් හා 1 ශ්‍රේණිය සිට 11 ශ්‍රේණිය දක්වා සිසුන් 6472කට මෙම ශිෂ්‍යත්ව පිරිනැමීම සිදු වී තිබෙන බවයි වාර්තා වන්නේ.

මෙම ශිෂ්‍යත්ව ප්‍රදාන වැඩසටහන යටතේ උසස් පෙළ සිසුවෙක් වෙනුවෙන් මාසිකව රු.6000ක් වටිනා ශිෂ්‍යත්ව ද 1 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා සිසුවෙකු වෙනුවෙන් රු.3000ක් වටිනා ශිෂ්‍යත්ව ද හිමිවනවා.

මෙම වැඩසටහන දියත් කරනු ලබන්නේ ජනාධිපති අරමුදලේ සංවිධානයෙන් හා සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ දායකත්වයෙන්.

(lknews)