මතු පරපුර වෙනුවෙන් අනුරාධපුරයටත් ශිෂ්‍යත්ව රැසක්

July 15, 2024 - 6:59 PM
දැනුමින් සන්නද්ධ මතු පරපුරක් වෙනුවෙන් ක්‍රියාත්මක ජනාධිපති අධ්‍යාපන ශිෂ්‍යත්ව ප්‍රදානය 2024 අද (15) අනුරාධපුර දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක කර තිබෙනවා.  

ඒ අනුරාධපුර දිස්ත්‍රික්කයට අයත් අධ්‍යාපන කලාප 5ක සිසුන් 5600ක් වෙනුවෙන්.

එහිදී උසස් පෙළ සිසුන් 300ක් සඳහා එක් සිසුවෙකුට මසකට රු. 6000ක් වටිනා ශිෂ්‍යත්ව හා 1 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා සිසුන් 5360ක් සඳහා මසකට රු.3000ක් වටිනා ශිෂ්‍යත්ව පිරිනැමීම සිදු වුණා.

මෙම වැඩසටහන යටතේ පිරිනැමීමට නියමිත මුලු ශිෂ්‍යත්ව සංඛ්‍යාව 116000ක්.

මෙම අවස්ථාව සඳහා උතුරුමැද පළාත් ආණ්ඩුකාරතුමන්, මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මැතිතුමන් ඇතුළු බොහෝ පිරිසක් එක්ව සිටියා.

මෙම ශිෂ්‍යත්ව වැඩසටහන සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ දායකත්වයෙන් ක්‍රියාත්මක කරනු ලබනවා.

(lknews)