දුම්රිය ගමන්වාර රැසක් ප්‍රමාද වෙයි

July 12, 2024 - 11:26 AM
දුම්රිය ස්ථානාධිපතිවරුන් හා දුම්රිය පාලකවරුන් ආරම්භ කළ වර්ජනය අවසන් කිරීමත් සමඟ අද සාමාන්‍ය පරිදි දුම්රිය ධාවනය සිදුවන බව නිවේදනය කර තිබුණා.                    

කෙසේ වෙතත් අද (12) උදෑසන දුම්රිය ගමන්වාර රැසක් ප්‍රමාද වී තිබෙනවා.

අද පස්වරු කාලයේදී මෙය සාමාන්‍ය තත්ත්වයට පත්වනු ඇති බවයි වාර්තා වන්නේ.     

(lknews)