දුම්රිය ගමන් වාර රැසක් අවලංගු වෙයි

June 07, 2024 - 10:07 AM
අද (07) දුම්රිය ගමන් වාර රැසක් අවලංගු කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ ලොකොමොටිව් ඔපරේටිං ඉංජිනියර්ස් සංගමයට අයත්  දුම්රිය රියදුරන් ඊයේ (06) මධ්‍යම රාත්‍රියේ ආරම්භ කළ වැඩවර්ජනය හේතුවෙන්

පිට පළාත්වල සිට කොළඹට පැමිණෙන දුම්රිය නියමිත පරිදි ධාවනය කළ බවත් කොළඹින් පිටත් වීමට නියමිතව තිබූ දුම්රිය රැසක් අවලංගු කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

(lknews)