මරදගහමුල තොග වෙළඳ මධ්‍යස්ථානය හෙට ජනතා අයිතියට

December 18, 2023 - 5:09 PM
සුළු හා මධ්‍ය පරිමාණ සහල් ව්‍යාපාරිකයන් සඳහා ඉදිකරන ලද මරදගහමුල විශේෂිත තොග වෙළඳ මධ්‍යස්ථානය හෙට ජනතා අයිතියට පත් කරන බව නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍යාංශය පවසනවා.

ඒ අනුව හෙට සිට සෑම දිනකම පෙරවරු පහේ සිට පස්වරු 3 දක්වා විවෘතව තැබෙන මෙම මධ්‍යස්ථානය තුළින් සහල් ඇතුලු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය තොග වෙළඳුන්ට ලබාගැනීමට අවස්ථාව හිමිවනු ඇති.

රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව ඉදිකිරීම් කටයුතු කළ මරදගහමුල තොග වෙළඳ මධ්‍යස්ථානය වෙළඳ කුටි 115 කින් සමන්විත වන අතර, ඒ සඳහා වැය කළ මුදල රුපියල් මිලියන 459 ක් බව සඳහන්.

ලබන මහ කන්නයේ සිට මෙම ගබඩා සංකීර්ණය වී ගබඩා කිරීමට බස්නහිර පළාත් සමූපකාර දෙපාර්තමේන්තුවට ලබාදීමට අපේක්ෂිත අතර ඒ සඳහා වූ සාකච්ඡා ආරම්භ කර තිබෙනවා.
(lknews.lk)