මාතලේ දිස්ත්‍රික්කයටත් ශිෂ්‍යත්ව රැසක්

July 15, 2024 - 3:31 PM
ආර්ථිකය අර්බුධය හමුවේ වුවද දරුවන්ගේ අනාගත අධ්‍යාපන සංවර්ධනය අරමුණු කර ගනිමින් ක්‍රියාත්මක ජනාධිපති අධ්‍යාපන ශිෂ්‍යත්ව - 2024 මාතලේ දිස්ත්‍රික්ක වැඩසටහන පසුගියදා පැවැත්වුණා.

එහිදී අධ්‍යාපන කලාප 04කට අයත් දරුවන් 3134ක් වෙනුවෙන් අධ්‍යාපන ශිෂ්‍යත්ව පිරිනැමීම සිඳු වුණා.

මාතලේ දිස්ත්‍රික්කයේ උසස් පෙළ සිසුන් 240ක් සඳහා මසකට රු.6000 බැගින් ශිෂ්‍යත්ව පිරිනැමීම සිදු වූ අතර 1 ශ්‍රේණිය සිට 11 ශ්‍රේණිය දක්වා සිසුන් 2894ක් සඳහා රු.3000 බැගින් ශිෂ්‍යත්ව පිරිනැමීම ද සිදු වුණා.

ජනාධිපති අරමුදල මඟින් සංවිධානය කරන මෙම වැඩසටහන සඳහා දායකත්වය දෙනු ලබන්නේ සංවර්ධන ලොතරැයි මණ්ඩලය විසින්.

(lknews)