මාතර රැඳවියන් අඟුණකොළපැලැස්සට මාරු කර යවයි

January 03, 2025 - 10:08 AM
මාතර බන්ධනාගාර රැඳවියන් 55දෙනෙක් අඟුණකොළපැලැස්ස බන්ධනාගාරය වෙත මාරු කර යැවීමට තීරණය කර තිබෙනවා.

ඒ බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක සහ බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී.දිසානායක විසින්.

ඔහු සඳහන් කළේ සිය කැමැත්තෙන් බන්ධනාගාරයෙන් ඉවත්වී අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයට යාමට කැමති රැඳවියන් මේ සඳහා තෝරාගෙන ඇති බවයි.

පසුගියදා බෝ ගසක අත්තක් කඩා වැටීමෙන් බන්ධනාගාර ගොඩනැගිල්ල්ලේ G හා F වාට්ටුවලට හානි සිදුවීම හේතුවෙන් මෙම තීරණය ගත් බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

(lknews)