රටෙන් තුරන් කළ සරම්ප රෝගය යළි හිස ඔසවයි

December 28, 2023 - 8:29 AM
රටෙන් තුරන් කර තිබූ සරම්ප රෝගය යළි හිස ඔසවා තිබෙනවා.

ඒ සඳහා අවශ්‍ය එන්නත්කරණය ලබන මාසයේ සිට ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

ඒ අනුව පළමු අදියරේදී එය සිදු කෙරෙන්නේ රෝගය වැඩි වශයෙන් ව්‍යාප්ත වී ඇති පළාත් 09 තුළ පමණයි.

ලොව පුරා අවධානය කොවිඩ් 19 වෛරසය සඳහා යොමු වීමත් සමඟ ප්‍රතිශක්තීකරණ ආවරණය ලෝකය පුරාම අඩු වීම හේතුවෙන් සරම්ප රෝගීන් වාර්තා වීම ඉහළ මෙලෙස ඉහළ ගොස් තිබෙනවා.

ශ්‍රී ලංකාව සරම්ප රෝගය තුරන් කළ රටක් ලෙස ට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සහතික කරනු ලැබුවේ 2019 වසරේදීයි.

එසේම සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළේ ඉන්දියාව, පාකිස්ථානය ඇතුළු බොහෝ රටවල ද මෙලෙස සරම්ප රෝගීන් වාර්තා වීම ඉහළ ගොස් ඇති බවයි.

ශ්‍රී ලංකාව තුළ මේ වනවිට වැඩි වශයෙන් සරම්ප රෝගීන් වාර්තා වන්නේ, කොළඹ, ගම්පහ, කළුතර, ගාල්ල, මාතර, මහනුවර, යාපනය, කුරුණෑගල සහ කල්මුණේ යන දිස්ත්‍රික්කවලයි.

ඒ අනුව අදාළ දිස්ත්‍රික්කවල මාස 06ත්, 15ත් අතර ළදරුවන්ට සරම්ප මාත්‍රාවක් ලබාදිමටයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවධානය යොමුව ඇත්තේ.

මෙම වැඩසටහන 2024 ජනවාරි මස 06 වන සෙනසුරාදා පෙරවරු 9.00 සිට පස්වරු 4.00 දක්වා ක්‍රියාත්මකයි.
(lknews.lk)