ශ්‍රී ලංකාවේ චීන තානාපති සහ හිටපු ජනපති මහින්ද අතර හමුවක්

November 23, 2024 - 7:14 PM
ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂෙන් හොන්හ් සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අතර හමුවක් පවත්වා තිබෙනවා.

ඒ කොළඹ 07 විජේරාම මාවතේ නිල නිවසේදීයි.

එහිදී චීන තානාපතිවරයා හිටපු ජනාධිපතිවරයාගේ උපන් දිනය වෙනුවෙන් සුබ පැතුම් එක් කර ඇති අතර තානාපතිවරයාට රාජ්‍ය තාන්ත්‍රිකව හා පෞද්ගලිකව පවතින මිත්‍රත්වය සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයා සිය ස්තූතිය පළ කර තිබෙනවා.

(lknews.lk)