පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ මහතා තාවකාලිකව පැවිදි වෙයි

February 20, 2024 - 5:27 PM
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ මහතා තාවකාලික පැවිදි භාවය ලබා ගෙන තිබෙනවා.

ඒ්, ඉන්දියාවේ බරණැස, ඉසිපතනාරාම මූල ගන්ධකුටි විහාරස්ථානයේදීයි.

දැඩි කාර්යබහුල ජීවීතයක් ගත කිරීම හේතුවෙන් පීඩාවට පත් වී ඇති මනස සන්සුන් කර ගැනීම සඳහා තාවකාලිකව හෝ පැවිදි දිවියට ඇතුළත් වීමට තීරණය කළ බව ඔහු සඳහන් කර තිබෙනවා.
(lknews.lk)