වියට්නාමය සහ ශ්‍රී ලංකාව අතර අවබෝධතා ගිවිසුමක්

April 16, 2024 - 11:51 AM
ශ්‍රී ලංකාව හා වියට්නාමය අතර බෞද්ධ මිත්‍රත්වය වර්ධනය කර ගැනීමට අවබෝධතා ගිවිසුමක් වියට්නාම් බෞද්ධ මූලස්ථානයේදී අත්සන් කර තිබෙනවා.

මෙය අත්සන් කොට ඇත්තේ වියට්නාම් වෙනුවෙන් වියට්නාම් බෞද්ධ සංවිධානයේ මහ ලේකම් Thich Duc Thien නායක ස්වාමින් වහන්සේ ද, ශ්‍රී ලංකාව වෙනුවෙන් මාතලේ දිස්ත්‍රික් ශාසනාරක්ෂක බල මණ්ඩලයේ සහ සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයේ ලේඛාධිකාරී පූජ්‍ය මුගුණුවෙල අනුරුද්ධ හිමියන් විසින් බවයි වාර්තා වන්නේ.

(lknews.lk)