වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම අඩුවෙයි

December 05, 2023 - 8:53 AM

මෙරට වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම පසුගිය වසරේ ඔක්තෝබර් මාසයට සාපේක්ෂව මෙම වසරේ ඔක්තෝබර් මාසයේදී 14.6% කින් අඩුවී ඇති බව ශ්‍රී ලංකා රේගුව නිකුත් කළ දත්ත වාර්තාවක දක්වා තිබෙනවා.

එය 2023 සැප්තැම්බර් මාසයට සාපේක්ෂව 13.13%ක අඩුවීමක්.

ඇඟලුම්, රෙදිපිළි, රබර් හා රබර් ආශ්‍රිත නිෂ්පාදන මෙන්ම පොල් හා පොල් ආශ්‍රිත නිෂ්පාදනවල අපනයන ඉල්ලුම අඩුවීම ඊට ප්‍රධාන හේතුව ලෙස සඳහන්.
(lknews.lk)