සුළං බලාගාර හේතුවෙන් සංචාරක පක්ෂීන් අවදානමක

February 17, 2024 - 3:09 PM
ඉන්දීය අදානි සමාගම මගින් මන්නාරම දූපත පුරා ඉදිකිරීමට සැළසුම් කර ඇති මෙගාවොට් 250ක සුළං බලාගාරය හේතුවෙන් මෙරටට පැමිණෙන සංචාරක පක්ෂීන් ලක්ෂ 10ක් පමණ අවදානමට ලක්ව ඇති බව වාර්තා වනවා.

වනජීවී සංරක්ෂණ සංසදයේ ලේකම් පරිසරවේදී නයනක රන්වැල්ල කියා සිටියේ, වසරකට රටවල් 30 කින් පමණ සංචාරක පක්ෂි විශේෂ 150ක් පමණ මෙරටට පැමිණෙන බවයි.

මෙම ඉදිකිරීම් සිදුකිරීමට යෝජිත ස්ථානය හරහා පක්ෂීන්ගේ ගමන් මාර්ගය පවතින බැවින් එම කුරුල්ලන් අවදානමට ලක්ව ඇති බව ඔහු පෙන්වා දෙනවා.

මේ හේතුවෙන් මෙම ඉදිකිරීම් උතුරුකරයට වන්නට ආරම්භ කිරීමට රජය විද්‍යාත්මක තීන්දුවක් ගත යුතු බව පරිසරවේදී නයනක රන්වැල්ල වැඩිදුරටත් සඳහන් කළා.
(lknews.lk)