මිහින්තලය පුදබිමේ ආරක්ෂාවට කිසිඳු බාධාවක් නැහැ – ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය

December 11, 2023 - 1:45 PM
මිහින්තලය පුදබිමේ ආරක්ෂාවට කිසිඳු බාධාවක් සිදු වී නොමැති බවත් පුදබිමේ ආරක්ෂාවට පොලිස් නිලධාරින් සේවයේ නිරත වන බවත් ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා අද (11) පාර්ලිමේන්තුවේ දී සඳහන් කළා.

පුදබිමේ සිටි යුද, නාවික සහ සිවිල් ආරක්ෂක සෙබළුන් 252ම සිටියේ පුදබිමේ ආරක්ෂක කටයුතු සඳහා නොවන බවයි ඔහු වැඩිදුරටත් පවසා සිටියේ.

මිහින්තලය පුදබිමේ සිටි හමුදා සෙබළුන් ඊයේ(10) සිට එම පුදබිමෙන් ඉවත් කර ගැනීම සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

වැඩිදුරටත් අදහස් දැක් වූ රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ, එම සෙබළුන් ඉවත් කිරීම නිසා පුදබිමේ ආරක්ෂාවට කිසිඳු බාධාවක් සිදු නොවන බවයි.

පුදබිමේ ආරක්ෂාව සැපයූවේ පොලීසියෙන් නිසා අදටත් පොලීස් නිලධාරින් 30ක් පුදබිමේ ආරක්ෂාවට ඉන්නවා”යැයි ද රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් මෙහිදී පවසා සිටියා.
(lknews.lk)