කිරි තේ මිලත් පහළට

March 25, 2024 - 12:50 PM
ආනයනික කිරි පිටි මිල අඩු කිරීමත් සමඟ කිරි තේ එකක මිලද රුපියල් 5ත් 10ත් අතර අගයකින් අඩු කරන බව සමස්ත ලංකා ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය පවසනවා.

ඊයේ (24) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි 400g ආනයනික කිරිපිටි පැකැට්ටුවක මිල රුපියල් 60කින් ද 1kg ආනයනික කිරිපිටි පැකැට්ටුවක මිල රුපියල් 150කින් ද පහළ දැමීමට වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු තීරණය කළා.

එම වාසිය සළකා බලමින් කිරි තේ කෝප්පයක මිල අඩු කරන බවයි එම සංගමයේ සභාපති හර්ෂණ රුක්ෂාන් වැඩිදුරටත් කියා සිටියේ.
(lknews.lk)