මීනගයා දුම්රියේ ආපනශාලාව තාවකාලිකව මුද්‍රා තබයි

January 25, 2024 - 6:30 PM
මීනගයා දුම්රියේ ආපනශාලාව අධිකරණ නියෝගයක් මත තාවකාලිකව මුද්‍රා තැබීමට පියවර ගෙන තිබෙනවා.

ඒ මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර වෙළඳාම් කිරීම සම්බන්ධයෙන්. 
 
ඒ අනුව මඩකලපුව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කණ්ඩායමක් විසින් පෙබරවාරි 08 වැනි දින දක්වා මීනගයා දුම්රියේ ආපනශාලාව මුද්‍රා තබා ඇති බවයි වාර්තා වන්නේ. 
 
පසුගිය 22 වැනි දින මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් අදාළ දුම්රියේ ආපන ශාලාව පරීක්ෂාවට ලක් කර තිබුණා. 
 
එහි දී මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර අළෙවි කිරීම සම්බන්ධයෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අධිකරණයට කරුණු වාර්තා කර ඇති අතර, අනතුරුව එම ආපනශාලාව තාවකාලිකව වසා තබන ලෙස අධිකරණය නියෝග කර තිබෙනවා. 
 
ඒ අනුව ලබන 08 වැනි දින ආපනශාලාව සම්බන්ධයෙන් අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස මඩකලපුව මහෙස්ත්‍රාත්වරයා නියෝග කර තිබුණා.
(lknews.lk)