පාසල් අභ්‍යාස පොත් සඳහා 30%ක වට්ටමක්

November 04, 2023 - 9:50 AM
ලබන වසර සදහා අවශ්‍ය පාසල් අභ්‍යාස පොත් සඳහා සියයට 30ක වට්ටමක් ලබාදීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.

ඒ අනුව මේ සම්බන්ධයෙන් අදාළ තොරතුරු ලබාදෙන ලෙස පාසල් වෙත චක්‍රලේඛයක් ද නිකුත් කිරීමට නියමිතයි.

මෙහිදී එළඹෙන වසරේදී පාසල්වල හයෙන් ඉහළ ශ්‍රේණි ඩිජිටල්කරණය කිරීමේ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ද අමාත්‍යවරයා අදහස් දක්වා තිබෙනවා.
(lknews.lk)