සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා ස්විට්සර්ලන්තයට

May 18, 2025 - 1:15 PM
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස අද (18) පෙරවරුවේ ස්විට්සර්ලන්තය බලා පිටත්ව ගොස් තිබෙනවා.

ඒ ලෝක සෞඛ්‍ය සංවිධානයේ 78 වන වාර්ෂික මහා සමුළුවට සහභාගී වීම සඳහායි.

“එකම සෞඛ්‍යමත් ලොවක්” යන තේමාව යටතේ පැවැත්වෙන මෙම සමුළුව හෙට (19) සිට 27වනදා දක්වා ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර දී පැවැත්වෙන බවයි වාර්තා වන්නේ.

මෙවර එම සමුළුව සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයට ඇතුළත් සියලුම රටවල සෞඛ්‍ය අමාත්‍යවරුන් සහභාගී වීමට නියමිතයි.

(lknews.lk)