මෝදිට අපහාස කළ ඇමැතිවරුන්ගේ වැඩ තහනම්

January 08, 2024 - 11:48 AM
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට අවමන් වන ආකාරයට සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් පළ කළ මාලදිවයින රජයේ අමාත්‍යවරයකු සහ අමාත්‍යවරියන් දෙදෙනකුගේ වැඩ තහනම් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙලෙස මෙම අමාත්‍යවරයා සහ අමාත්‍යවරියන් දෙදෙනා මෝදිට අවමන් වන ආකාරයට අදහස් දක්වා ඇත්තේ මෝදිගේ ලක්ෂද්වීප දුපත් සංචාරය සම්බන්ධයෙන්.

ලක්ෂද්වීප යනු ඉන්දීය සාගරයේ පිහිටි ඉන්දියාවට අයත් පාලන ප්‍රදේශයක් ලෙස සැලකෙන දූපත් සමූහ‍‍යක් වන අතර එයට කුඩා දූපත් 36 ක් ඇතුළත්.

අග්‍රාමාත්‍ය මෝදිට අවමන් වන ආකාරයෙන් අදහස් පළවීමෙන් පසු මාලදිවයිනට පැමිණෙන ඉන්දීය සංචාරකයන් බොහෝ දෙනකු එම සංචාරයන් අවලංගු කර ඇතැයි ද වාර්තා වනවා.
(lknews.lk)