අධ්‍යාපන අමාත්‍යාංශයෙන් දැනුම්දීමක්
June 04, 2025 - 2:29 PM
චක්‍රලේඛනවලට පිටින් පාසල්වලට ළමුන් ඇතුළත් කර ගන්නා සියලු නිලධාරීන්ට එරෙහිව දැඩි පියවර ගන්නා බව අධ්‍යාපන උසස් අධ්‍යාපන හා වෘත්තිය අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.
නියෝජ්‍ය අමාත්‍ය මධුර සෙනෙවිරත්න සඳහන් කළේ මේ වන විට පාසල්වලට ළමුන් ඇතුළත් කිරීම සඳහා දේශපාලන මැදිහත්වීම සම්පූර්ණයෙන් නතර කර ඇති බවයි.
එවැනි තත්ත්වයක් තිබියදී පාසල්වලට ළමුන් ඇතුළත් කිරිමේදී ඇතැම් තැන්වල අක්‍රමිකතා සිදුවන බවට පැමිණිලි ලැබි ඇති බවද ඔහු ප්‍රකාශ කළා.
ඔහු වැඩිදුරටත් කියා සිටියේ එවැනි අක්‍රමිකතා ඇත්නම් අධ්‍යාපන අමාත්‍යාංශයේ විමර්ශන ඒකකයට පැමිණිලි කරන ලෙසයි.
(lknews.lk)