සිසු හෙද අයදුම්කරුවන් වෙත සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් දැනුම්දීමක්

January 05, 2024 - 3:51 PM
සිසු හෙද පුහුණුවට තෝරාගැනීමට මූලික සුදුසුකම් පරීක්ෂා කිරීමේ සම්මුඛ පරීක්ෂණවලට අදාළ සියලු තොරතුරු මේ වනවිට සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිල වෙබ් පිටුවේ පළ කර තිබෙනවා.

ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවියට පිවිසීමෙන් සම්මුඛ පරීක්ෂණය පැවැත්වෙන දිනය, ස්ථානය සහ ඊට අදාළ සියලු තොරතුරු ලබාගන්නා ලෙසයි සෞඛ්‍ය අමාත්‍යාංශය අයදුම්කරුවන්ට දැනුම් දෙන්නේ.

2019 - 2020 උසස් පෙළ විද්‍යා සහ ගණිත අංශ විෂය ධාරාවලින් සමත්වී සිසු හෙද පුහුණුව සඳහා අයදුම් කර තිබූ සංඛ්‍යාව 4,000කට අධික බවයි වාර්තා වන්නේ.

ඒ අතරින් සිසු හෙද පුහුණුවට තෝරා ගැනීම සඳහා මූලික සුදුසුකම් පරීක්ෂා කිරීමේ සම්මුඛ පරීක්ෂණ ලබන 13 වනදා සිට පෙබරවාරි 18 වනදා දක්වා පැවැත්වීමටයි සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු යොදා ඇත්තේ.
(lknews.lk)