කම්කරු අමාත්‍යාංශය විසින් Whatsapp අංකයක් හඳුන්වා දෙයි

January 02, 2025 - 5:21 PM
කම්කරු අමාත්‍යාංශය විසින් මහජනතාව වෙත Whatsapp අංකයක් හඳුන්වාදී ඇති බවට නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

සේවාවන් කාර්යක්ෂම කිරීමේ සහ මහජනතාවගේ ඉල්ලීම් ඉදිරිපත් කිරීමට ඉඩක් ලබාදීමේ අරමුණින් 0707 227877 යන Whatsapp අංකය හඳුන්වා දුන් බවයි එම නිවේදනයේ සඳහන් වන්නේ.

එමෙන්ම පෞද්ගලික සහ අර්ධ රාජ්‍ය සේවකයන්ගේ ගැටලු සඳහා ප්‍රතිචාර ලබාදීමද මෙහි අරමුණක් වනවා.

(lknews)